පවතින තත්ත්වය මත සඳුදා වනවිට දැවිතෙල් නොලැබුණහොත් අඟහරුවාදා සිට විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී සුසන්ත පෙරේරා පවසයි.
මේ වන විට සපුගස්කන්ද බලාගාර වලින් දාරිතාවක් නොමැති අතර කැලනිතිස්ස බලාගාරයටද ඩීසල් ඇත්තේ දින පහමාරකට බවයි ඔහු පවසන්නේ.
ඉදිරි දින තුනේදී විදුලි ඉල්ලුම අඩුවීම හේතුවෙන් ගැටලුවක් පැණ නොනගින නමුත් සඳුදා සිට ඉල්ලුම ඉහල යන බව සාමාන්‍යාධිකාරී වරයා පවසයි.
මේ අතර ලංකා ඛනිජතෙල් සංස්ථාව පවසන්නේ විදුලිබල මණ්ඩලයට දැවිතෙල් සැපයිය හැක්කේ පෙබරවාරි මාසයේ සිට බවයි.