හිටපු ජනපති ගැන හිටපු ජනපති සිදුකළ ප්‍රකාශය

January 20, 2022 at 1:22 PM

පසුගිය යහපාලන රජය සමයේ ස්ථාපිත කළ දූෂණ මර්දන කොමිසම සම්බන්ධයෙන් ජනාධිපති විමර්ෂණ කොමිසම හමුවේ පැය 03කට ආසන්න කාලයක් සාක්ෂි ලබාදීමෙන් පසු පිටතට පැමිණියා.

එම අවස්ථාවේදී හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මාධ්‍යවේදීන් සමග මෙසේ අදහස් ප්‍රකාශ කර සිටියා.

“බොහොම කනගාටුයි. මම දන්නේ නෑ අඬන්නද? හිනා වෙන්නද? කියලා. මම රටේ ආර්ථිකය විශාල වශයෙන් හැදුවා…යුද්ධය භයානක ලෙස පැවති අවස්ථාවක. “එක්කෙනෙක් දන්නේ නැහැ.. අනිත් කෙනා කියන දේ. උදේ කියන එක හවස වෙනස් වෙනවා. මහා අවුලක්.”

මාධ්‍යවේදියා – “ඔබතුමිය හදපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය?”

හිටපු ජනාධිපතිනිය – “මහින්ද රාජපක්ෂයි මෛත්‍රීපාල සිරිසේනයි පක්ෂය විනාශ කරලා ඉවරයි.”

මාධ්‍යවේදියා – “මෛත්‍රීපාල මහත්තයා දැන් ආණ්ඩුවෙන් යනවයි කියන එක කියනවා නේද?”

හිටපු ජනාධිපතිනිය – “මම අවුරුදු දෙකක් තිස්සේ කිව්වා.. පොහොට්ටුවත් එක්ක එකතු වෙන්න එපා කියලා. අපි විනාශ වෙනවා කියලා. එහෙම කිව්වා කියලා මාව දේශපාලන මණ්ඩලයෙන් අයින් කරලා.. මගේ සංවිධායක ධුරයත් අයින් කළා. අපි අවුරුදු ගාණක් තිස්සේ කියපුවා දැන් එයා කියනවා. ඉතින්, මේ මිනිහා පන්නන්න එපැයි.”