‘ව්‍යවස්ථා කුමන්ත්‍රණය’ අවස්ථාවේ පාර්ලිමේන්තුවට මිරිස් කුඩු ගෙනවිත්, පුටුවලින් ගසමින්, මන්ත්‍රීවරුන්ට පහරදෙමින් කළ ප්‍රහාරය සැලසුම් කළේ කොළඹ හිල්ටන් හෝටලයේ දී බව හිටපු කතානායක කරු ජයසූරිය පවසයි.
එහෙත් රටේ අවාසනාවකට එම ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැත්වූ පරීක්ෂණ නවතා දමන මෙන් එවකට අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු ප්‍රධාන පෙලේ පුද්ගලයින් කිහිප දෙනෙකු විසින් පොලිසියට නියෝග කොට තිබෙන බව ද හිටපු කතානායකවරයා පළමුවරට හෙළි කළේය.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් පදවියෙන් පහකරනු ලැබූ රනිල් වික්‍රමසිංහ යළි පදවියේ පිහිටුවීමට බලකරමින් ප්රජාතන්ත්රවාදය පිණිස එතරම් සටන් කළත් “බලය සඳහා ඒ විදියට අපිව පාවා දෙනවා නම්, එහෙම දේශපාලන ලෝකෙක ජීවත්වෙන්න වීම ගැන ලොකු කලකිරීමක් තියෙනවා,” යනුවෙන් හිටපු කතානායක කරු ජයසූරිය පැවසීය.
ඔහු ඒ බව කියා සිටියේ ‘Sandeshaya by Saroj’ යූටියුබ් නාලිකාව වෙනුවෙන් මාධ්‍යවේදී සරෝජ් පතිරණ සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.
ව්‍යවස්ථා කුමන්ත්‍රණය අවස්ථාවේ වැඩිහිටි නිවාසයක උත්සවයකට සහභාගී වූ අවස්ථාවේ තමන්ට ඇසිඩ් ගැසීමේ කුමන්ත්‍රණයක් දියත්ව තිබූ බවත් ඔහු කියා සිටියේය.