නව ජනාධිපති ලේකම්වරයා ලෙස ගාමිණී සෙනරත් අද වැඩ භාර ගැනීමට නියමිතයි. ඔහු මෙලෙස ජනාධිපති ලේකම් ධූරයට පත් කෙරුණේ ආචාර්ය පී.බී. ජයසුන්දර එම ධූරයෙන් විශ්‍රාම ගැනීමත් සමඟයි.
ගාමිණී සෙනරත් අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස මීට පෙර කටයුතු කළා. ඒ, 2019 වසරේ නොවැම්බර් 21 වනදා සිටයි. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ ඔහුගේ කාර්යමණ්ඩල ප්‍රධානියා සහ අතිරේක ලේකම්වරයා ලෙස කටයුතු කළේද ගාමිණී සෙනරත්.
කැළණිය විශ්ව විද්‍යාලයෙන් මූලික උපාධිය සම්පූර්ණ කළ ගාමිණී සෙනරත් ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක් වන්නේ 1984 වසරේදීයි. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයෙන් තොරතුරු තාක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධිය සම්පූර්ණ කර තිබෙනවා.
ගාමිණී සෙනරත්ගෙන් පුරප්පාඩු වන අග්‍රාමාත්‍ය ලේකම් ධූරය සඳහා වත්මන් වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම් අනුර දිසානායක පත් කිරීමට නියමිතයි. ඔහු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙක්.