නව ගුවන් පාලම් 04 ක් ඉදිකිරීම සඳහා මහාමාර්ග අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
හංගේරියානු රජය හා ශ්‍රී ලංකා රජය අතර ඇති කරගත් මුල්‍ය සහයෝගීතාව මත නව පාලම් ඉදිකිරීමට නියමිතයි.
මුත්තෙට්ටුගල දුම්රිය හරස් මාර්ගය හා හිරිපිටිය හන්දිය, පස්යාල මංසන්ධිය, මීගමුව මාරිස්ටෙලා මංසන්ධිය සහ තලවතුගොඩ මංසන්ධිය ට එම නව පාලම් ඉදිකිරීමටයි යෝජනා වී ඇත්තේ.
වාහන තදබදයට විසඳුමක් ලෙස එම පාලම් ඉදිකිරීමට නියමිතයි.
හංගේරියාවේ එක්සිම් බැංකුව හරහා සහන මුල්‍ය පහසුකම් සැපයීමට ශ්‍රී ලංකාව හා එම රජය අතර ඇති කර ගත් මුල්‍ය සහයෝගිතාවය මත මේ වනවිට කොහුවල හා ගැටඹේ ගුවන් පාලම් ඉදිකෙරෙමින් පවතිනවා.