අද වන විට කැලණිතිස්ස සහ සපුගස්කන්ද විදුලි බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන ලබා නොදුනහොත් දිනකට පැය 1 ½ ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය අනතුරු අඟවනවා.
එම සංගමයේ ලේකම් ධම්මික විමලරත්න කියා සිටියේ කැලණිතිස්ස සහ සපුගස්කන්ද විදුලි බලාගාර දෙකෙන්ම මෙගාවොට් 450ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරෙන බවයි.
කෙසේ වෙතත් විදුලිය උත්පාදනය සඳහා භාවිත කරන ඉන්ධන ප්‍රමාණවත් වන්නේ අද සවස් වනතුරු පමණක් බව ඔහු පැවසුවේ.
මෙගාවොට් 350ක විදුලි බලයක් නිපදවන කැලණිතිස්ස බලාගාරය දැනට ගබඩා කර ඇති ඉන්ධන සමඟ ක්‍රියාත්මක විය හැක්කේ අද පස්වරු 5.00 දක්වා පමණයි.
මෙගාවොට් 150 ක විදුලිය නිපදවන සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද මධ්‍යම රාත්‍රිය දක්වා පමණක් ක්‍රියාත්මක විය හැකි බවයි ඔහු පැවසුවේ.
පස්වරු 04.00 ත් රාත්‍රී 10.00 ත් අතර කාලය තුළ විදුලිය විසන්ධි කෙරෙන බව සඳහන් කළ බව පැවසූ එම සංගමයේ ලේකම් ධම්මික විමලරත්න කියා සිටියේ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) තවමත් විදුලිබල මණ්ඩලයට එකඟතාවයක් ලබාදී නොමැති බවයි.
අවශ්‍ය ඉන්ධන ලබාදීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කළහොත් ඉන්ධන ටැංකි පිරවීමට පැය 08කට ආසන්න කාලයක් ගතවනු ඇති බවත්, ඒ හේතුවෙන් විදුලිය විසන්ධි වීම වැළැක්විය නොහැකි බවත් ඔහු සඳහන් කළා.
පවතින තත්ත්වය යටතේ උතුරු ජනනි සහ බාර්ජ් බලාගාර ක්‍රියාත්මක විය හැක්කේ මේ සෙනසුරාදා (22) දක්වා පමණක් බව ලංවිම ලේකම්වරයා වැඩිදුරටත් අනතුරු අඟවා සිටියේ.