ඩොලර් මිලියන 500ක ණය අද ගෙවනවා – මහ බැංකු අධිපති

January 18, 2022 at 10:40 AM

ශ්‍රී ලංකා රජය අද අමෙරිකානු ඩොලර් මිලියන 500 ක ණයක් ගෙවීමට නියමිතයි. මෙලෙස ගෙවනු ලබන්නේ 2012 වසරේ ලබාගත් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැදුම්කර කල් පිරීම වෙනුවෙන් ගෙවිය යුතු ණය මුදලයි.

මෙම ණය ගෙවා ගැනීම සදහා ශ්‍රී ලංකාව සූදානම් බවයි මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසන්නේ.

මේ අතර සේවක අර්ථ සාධක අරමුදල කොටස් හිමිකම්වල සිදුකළ ආයෝජනවල වටිනාකම පසුගිය 2021 වසර තුළ වාර්තාගත අන්දමින් ඉහළ ගොස් ඇති බව මහබැංකුව පවසනවා.

2021 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ වසර තුළ සේවක අර්ථසාධක අරමුදලේ කොටස් හිම්කම් වටිනාකම රුපියල් බිලියන 112 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඒ සඳහා සිදුකළ වැය රුපියල් බිලියන 84ක් පමණයි.

ඒ අනුව සේවක අර්ථසාධක අරමුදලේ කොටස් හිමිකම් අගය රුපියල් බිලියන 28කින් ඉහළ ගොස් ඇති බවයි මහබැංකුව පෙන්වා දෙන්නේ.