බෙන්තොට හෝටලයක 35 දෙනෙකුට කොරෝනා

January 17, 2022 at 7:58 PM

බෙන්තොට සංචාරක හෝටලයක සේවකයන් 32 දෙනෙකු සහ විදෙස් සංචාරකයන් තිදෙනෙක් ඇතුළු 35 දෙනකු කොවිඩ් ආසාදිතයන් බව හඳුනා හඳුනාගෙන තිබෙන බව සෞඛ්‍ය අංශ සඳහන් කර සිටිනවා.

පසුගිය දින දෙක තුලදී හෝටලයේ සේවය කරනු ලබන සේවකයින් කිහිප දෙනෙකුට රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් සිදුකළ PCR පරීක්ෂණ වලදී මෙලෙස කොවිඩ් ආසාදිත සේවකයින් සහ විදෙස් සංචාරකයින් හඳුනා ගැනීමට හැකිවූ බවයි ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළේ.

කොවිඩ් ආසාදිත සේවකයින් සහ විදෙස් සංචාරකයින් මේ වන විට නිරෝධායනය සඳහා යොමු කර ඇති බවත් හෝටලයේ කටයුතු සීමා කිරීමට අවශ්‍ය උපදෙස් ලබාදුන් බවයි සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර සිටියේ.

මේ වන විට රටට පැමිණි සිටින බොහෝ සංචාරකයින් ඔවුන් නවාතැන්ගෙන සිටින හෝටල් වලින් සහ ගුවන් තොටුපොලේදී ලබාදෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවන් මායිම් නොකරන සොබවයක් ද දක්නට ලැබෙන බවයි සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර සිටින්නේ.