ලාෆ්ස් ගෑස් පිරවීම 75% කින් අඩු වේ. ගෑස් පෝලිම් නිමා වීමට තවත් සති තුනක්

January 3, 2022 at 2:43 PM

ගෑස් ප්‍රමිතිය හා ඩොලර් ගැටලුවෙන් මතුව ඇති හිඟය අවසන් වීමට අවම වශයෙන් තවත් සති තුනක් ගත වන බව ගෑස් සමාගම් පවසයි.

ලාෆ්ස් ගෑස් සමාගමේ සභාපති W.K.H. වෑගපිටිය මහතා පවසන්නේ නව ප්‍රමිතිය සහ ආරක්ෂක ක්‍රමවේද අනුව ගෑස් පිරවීම සිදු කරන  බැවින් ගෑස් පිරවීමේ ප්‍රමාදයක් ඇති බවය.

මීට පෙර දෛනිකව සිලින්ඩර 40000ක් පමණ වෙළෙඳපල ට නිකුත් කළත් මේ වනවිට දෛනිකව නිකුත්කළ හැක්කේ සිලින්ඩර 10,000ක් පමණ බව ඔහු පවසයි.

 

මේ අතර ලිට්‍රෝ සමාගමේ සභාපති තෙශාර ජයසිංහද පවසන්නේ පවතින තත්ත්වය තවත් සති තුනකින් පමණ මඟහැරී යනු ඇති බවය.

අදත් දිවයින පුරා ප්‍රදේශවල ගෑස් පෝලිම් දක්නට ලැබෙන්නේ මෙවන් පසුබිමක් තුළයි.