ශ්රීපාද වන්දනාවේ පැමිණි පුද්ගලයෙකු සිරුරට ගිනි තබා ගැනීමෙන් බරපතල තුවාල ලබා දික්ඔය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පොලීසිය පැවසුවේ අද අලුයම 1.30 ට පමණ මොහු නල්ලතන්නිය රථගාලේදී මෙලෙස සිරුරට ගිනි තබාගෙන ඇති බවයි.
මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබන මෙම පුද්ගලයා ගලේවෙල ප්රදේශයේ පදිංචි 40 හැවිරිදි අයෙක්.
පෙම් සබඳතාවක් මුල් කරගනිමින් ඔහු මෙලෙස ගිනි තබාගෙන ඇති බවට පොලිසිය සැක කරනවා.