දියේ ගිලි තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට : තවත් අයෙකු අතුරුදහන්

January 2, 2022 at 8:59 AM

දුන්ගල්පිටිය කැපුන්ගොඩ නැංගූරම් තොටුපල වෙරළ තීරයේ ඊයේ (01) සවස දිය නාමින් සිටි තරුණයින් 05 දෙනෙකු රළ පහරට හසු වී ගසාගෙන යෑමෙන්
එක් තරුණයෙකු දිය පහරට හසු වී අතුරුදන් වී තිබෙනවා.

පොලීසිය ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව අනෙක් සිව්දෙනා බේරාගෙන ප්‍රතිකාර සඳහා මීගමුව රෝහල වෙත ඇතුළත් කර ඇති අතර එහිදී තවත් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇත.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 17ක් සහ 23ක් වන පමුණුගම හා ඒකල ප්‍රදේශවල පදිංචිව සිටි තරුණයින් දෙදෙනෙක් වන අතර සෙසු තරුණයින් දෙදෙනා ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරු රෝහලෙන් පිටව ගොස් ඇත.

අවුරුදු 21ක් වන අඹේවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි දියේ ගිලි අතුරුදන් වු අනෙක් තරුණයා සේවීමේ කටයුතු මේවන වීටත් සිදුකරණ බවයි පොලීසිය පවසයි.

දුන්ගල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.