නව වසරේදී මත්පැන් බෝතල් වලට වෙනසක්

December 31, 2021 at 12:36 PM

දේශීයව නිෂ්පාදනය කරන මත්පැන්වලට ලබන ජනවාරි මස 3 වැනිදා සිට නව ආරක්‍ෂිත ලේබලයක් හඳුන්වා දෙන බව සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ ප්‍රකාශ කර සිටිනවා.

ඒ අනුව මත්පැන් බෝතල් සහ කෑන් මත ස්ටිකරය අලවන බවත් රාජ්‍ය භාණ්ඩාගාරයට අයවිය යුතු බදු මුදල් වැඩි කර ගැනීම මෙහි අරමුණ බවයි කී සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ සඳහන් කළේ.

නව ස්ටිකර් සහිත මත්පැන් වෙළෙඳපොලට සැපයීමට පෙර වෙළඳපලේ ඇති ස්ටිකරය රහිත මත්පැන් තොග අවසන් කිරීමට ලබන අප්‍රේල් 1 වැනිදා දක්වා මාස තුනක කාලය ලබාදෙන බවත් ඉන් පසුව සමස්ත වෙළඳපොලේ අළෙවි වන සියලුම මත්පැන් බෝතල් සහ කෑන්වල ආරක්ෂිත ස්ටිකරය තිබීම අනිවාර්ය බවත් කුමාරසිංහ සඳහන් කළේ.

නීති විරෝධී මත්පැන් වර්ග දේශීය මත්පැන් වෙළඳපලට ඇතුළත් වීම වැළැක්වීම සහ නීති විරෝධී ලෙස ආනයනය කරනු ලබන මත්පැන් වර්ග දේශීය වෙළඳපොළට ඇතුළත් වීම වැළැක්වීම සඳහා මෙම ආරක්ෂිත ස්ටිකරය ක්‍රමය හඳුන්වා දුන් බව ද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේ.