මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා දෙවන අදියර ජනවාරි 15 වනදා ජනතා අයිතියට පත් කිරීමට නියමිතව ඇති බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.
මීරිගම සිට කුරුණෑගල දක්වා ඉදිකර ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියරේ දුර කි.මි 40.91 ක් වන අතර මේ සඳහා රු.බිලියන 137ක් වැය වී තිබේ.
මංතීරු 4 ක් යටතේ ඉදිකල මෙම මීරිගම සිට කුරුණෑගල දක්වා මාර්ග කොටස දැනට ශ්‍රී ලංකාවේ අලංකාරම අධිවේගී මාර්ග කොටස ලෙස හඳුනාගෙන ඇත. එමෙන්ම පාරිසරික සහ සමාජීය බලපෑම් අවම වන පරිදි ඉදි කල මෙම අධිවේගී මාර්ග පථය නාගරික ප්‍රදේශ මග හරිමින් ප්‍රධාන වශයෙන් හිස් ඉඩම් හරහා ගමන් ගනී.
දේශීය අරමුදල් යොදවා දේශීය කොන්ත්‍රාත්කරුවන් මඟින් මෙම මාර්ග කොටස ඉදිකර ඇති මෙම අධිවේගී මාර්ගයේ මීරිගම , නාකලගමුව , දම්බොක්ක , කුරුණෑගල සහ යග්ගපිටිය යන ස්ථානයන් හි මුදල් ගෙවීමේ කවුළු සහිතව අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 5ක් ඉදිකර ඇත.