සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව ජනවාරි 03 වෙනිදා සිට වසා දැමීමට සිදුවන බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.
ඒ, රටේ උද්ගතව පවතින විදේශ විනිමය අර්බුදය හේතුවෙන් බොරතෙල් මිලදී ගැනීමේදී සිදුවී ඇති දුෂ්කරතාවයන් හේතුවෙනි.
කෙසේ වුවත් අවශ්‍ය බොර තෙල් සපයා ගැනීමෙන් පසුව ජනවාරි 30 වෙනිදා සිට සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව යළි ආරම්භ කිරිමට ඛනිජ තෙල් නීතිගත සංස්ථා කළමනාකාරිත්වය සඳහන් කරන්නේ.
ශ්‍රී ලංකාව දිගු කාලින බොරතෙල් සැපයීමේ කොන්ත්‍රාත්තුව ප්රදානය කර ඇති සිංගප්පුරු සමාගමෙන් බොර තෙල් සැපයීම ජනවාරි 26 වෙනිදා සිට ආරම්භ කෙරෙනු ඇත.