සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ වල කිසිදු හිඟයක් නොමැති බව පිටකොටුව තොග වෙළෙඳුන් සහතික වන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.
දින කිහිපයක සිට, සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ වල හිඟයක් පවතින බවට පැතිර යන ප්‍රකාශ සම්බන්ධයෙන් විමසා බැලීමට , වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා, අද පිටකොටුව තොග වෙළෙඳ හුවමාරුවේ නිරීක්ෂණ කටයුතු සඳහා එක් විය.
“වෙළෙඳපොල තුළ කෘතිම හිඟයක් මවලා සහල් මිළ රු.5/=කින් වැඩි කිරීමට උත්සහ දරන බව පේනවා. නමුත් අද පෙනෙනවා සහල් තොග මෙම පිටකොටුව තොග වෙළෙඳපොල තුළ පවතින බව.
ජනතාවගේ පීඩනයෙන් අයුතු ප්‍රයොජන ගැනීමට ඇතැම් පාර්ශ්ව කටයුතු කරනවා. ඕනෑම අයෙකුට මෙම ස්ථානයට පැමිණ සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගත හැකියි.
වෙළෙඳපොලේ කිසිදු හිඟයක් ඇති වීමට ඉඩ නොතබමින් වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ මුදා ගැනීමට අවශ්‍ය ඩොලර් අද දින මුදා හැරීමට රජය විසින් කටයුතු සලසනු ලැබුවා. ”
අමාත්‍යවරයා පැවසීය.