ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි

December 29, 2021 at 1:14 PM

ඔමික්‍රොන් නව කොරෝනා වෛරස් ප්‍රභේදය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය යළි අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා.

නව ප්‍රභේදය ලෝකයේ වැඩි වශයෙන් පැතිර යන බවත්, යුරෝපා රටවලට එමගින් එල්ල වී ඇති බලපෑම ඉහළ ගොස් ඇති බවටයි, එම සංවිධානය නිකුත් කළ නවතම තත්ත්ව වාර්තාවෙන් පෙන්වා දෙන්නේ.

මීට පෙර හදුනා ගත් කොරෝනා ඩෙල්ටා ප්‍රභේදයට වඩා ඔමික්‍රෝන් ප්‍රභේදයේ පැතිර යාමේ වේගය වැඩි බවට හඳුනාගෙන තිබෙනවා.

එබැවින් ලොව සියළු රටවල් ඔමික්‍රොන් නව කොරෝනා ප්‍රභේදය පිළිබදව අවදානයෙන් සිටිය යුතු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ.

මේ අතර ගතවූ පැය 24ක කාලය තුලදී අමෙරිකාවෙන් වාර්තාගත කොවිඩ් ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර එය 312,939ක් බවයි දත්ත වාර්තා පෙන්වා දෙන්නේ. මිට අමතරව් බ්‍රිතාන්‍යයෙන් ආසාදිතයින් 129,471ක්, ප්‍රංශයෙන් ආසාදිතයින් 179,807ක්, ස්පාඤ්ඤයෙන් 99,671ක්, ඉතාලියෙන් 78,313ක්, ජර්මනිය 30,978ක්, කැනඩාව 27,023ක් සහ තුර්කියෙන් ආසාදිතයින් 32,176ක් වාර්තා වී ඇත.

මේ අතර අසල්වැසි ඉන්දියාවෙන් ද ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 9,195ක් වන අතර එය පෙර දිනයට සාපේක්ෂව 44%ක ආසාදිතයින් වැඩිවීමක්. එමෙන්ම එරටින් හඳුනා ගෙන ඇති ඔමික්‍රෝන් ආසාදිතයින් 781ක් බවයි එරට සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.