අද සිට සරසවි සඳහා සිසුන් කැඳවීමට තීරණය කරයි

December 29, 2021 at 7:53 AM

ධාරිතාවයෙන් සියයට 50ක් වන පරිදි අද සිට සිසුන් විශ්වවිද්‍යාල වෙත කැඳවන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව පවසනවා.

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව එලෙස සිසුන් කැඳවන ලෙසට සියලු විශ්වවිද්‍යාල වෙත උපදෙස් ලබාදුන් බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව සඳහන් කළේ. ඒ අනුව ධාරිතාවයෙන් සියයට 50ක් වන පරිදි කැඳවන සිසුන් දේශන, විභාග ඇතුළු ඕනෑම කටයුත්තක් සඳහා යොමු කළ හැකි වනවා.