එළිමහන් සංගීත සංදර්ශන පැවැත්වීමට අවසර ලබා දී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී ඇති බවයි පොලිස්පති කාර්යාලය සඳහන් කළේ.
ඒ අනුව සඳුදා, අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල රාත්‍රී 10 දක්වාත්, සිකුරාදා සහ සෙනසුරාදා දිනවල අලුයම 1 දක්වාත් එළිමහන් සංගීත සංදර්ශන පැවැත්වීමට අවසර හිමිවනු ඇති. ඉරිදා දිනවල මධ්‍යම රාත්‍රී 12.30 දක්වා එළිමහන් සංගීත සංදර්ශන පැවැත්වීමට අවසර ලබා දීමටයි තීරණය කර ඇත්තේ.
එලෙස පැවැත්වෙන එළිමහන් සංගීත සංදර්ශන සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව පැවැත්විය යුතු වනවා. එහි වගකීම සංගීත සංදර්ශණ සංවිධායකයින් වෙත පවරා ඇති අතර අවශ්‍ය අවස්ථාවන්හි ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාගේ උපදෙස් ද ලබා ගත යුතුයි. පොලිස්පති නිල කාර්යාලය පැවසුවේ සංගීත සංදර්ශණ පැවැත්වීම සඳහා ශබ්ද විකාශණ බලපත්‍ර නිකුත් කිරීමටද අවසර ලබා දී ඇති බවයි.