පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කඩවත සිට මාතර දෙසට රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.
අතුරුගිරිය සහ කොතලාවල අතර කිලෝමීටර් 08 කණුව ප්රදේශයේදී සුඛෝපභෝගී මෝටර් රථයක් සහ ලොරියක් ගැටීම හේතුවෙන් මෙම තදබදය හටගෙන ඇති බවයි සඳහන් වන්නේ.
අනතුර හේතුවෙන් කඩවත සිට මාතර දෙසට රථවාහන ධාවනය මේ වනවිට එක් මංතීරුවකට සීමා වී තිබෙනවා.