ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගුවන් සේවා සිදු කරන ” සකුරා ඒවියේෂන් ” සමාගමේ බලපත්‍රය පත්‍රය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට නියෝග කළ බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස ප්‍රකාශ කර සිටිනවා.
අදාළ ගුවන් සේවා සමාගමේ ගුවන් යානා දෙකක සිදුවූ හදිසි කාර්මික දෝෂ සම්බන්ධයෙන් සිදුකරනු ලබන පරීක්ෂණ අවසන් වන තෙක් මෙම තහනම ක්‍රියාත්මක කිරීමට තමන් නියෝග කළ බවයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා කියා සිටියේ.
සකුරා ඒවීයේෂන් සමාගමට අයත් සැහැල්ලු ගුවන් යාන දෙකක් සතියක පමණ කාලය තුලදී උඩු ගුවනේදී කාර්මික දෝෂයන්ට ලක්වීමෙන් හදිසි ගොඩබානු ලැබුවා.
ඉන් පළමු සිදුවීම ඉකුත් 22 වෙනිදා බේරුවල ප්‍රදේශයේදී සහ අනෙක් සිදුවීම අද දිනයේදී මිගමුව, කිඹුලාපිටිය ප්‍රදේශයේ දී වාර්තා විය.