ජනපති ලේකම් ඉල්ලා අස්වීමේ ලිපිය භාර දෙයි : පුවත්පත් වාර්තා කරයි

December 27, 2021 at 11:53 AM

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදී ඇති බව අද පළවූ පුවත්පත් දෙකකින් වාර්තා කර තිබෙනවා.

ඩේලි මිරර් පුවත්පත වාර්තා කළේ ජනාධිපති ලේකම් පී.බි. ජයසුන්දරට ​​ඉල්ලා අස්වන ලෙස අමාත්‍ය මණ්ඩලයෙන් ද විරෝධය පළ වීමත් සමඟ ඔහු සිය ඉල්ලා අස්වීම ඉදිරිපත් කර ඇති බවයි.

පි.බි. ජයසුන්දරගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් පිළිගනු ලැබුවහොත් ඔහු 2022 මුල් සතියේදී ඉල්ලා අස්වීමට ඉඩ ඇති බවද වාර්තාවේ.

මේ අතර, ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර විසින් භාරදුන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පිළිගෙන ඇති බව “The Morning” පුවත්පත වාර්තා කර ඇත.

එම ඉල්ලා අස්වීමේ ලිපිය පිටු තුන හතරක පමණ දිගකින් යුක්ත වන අතර පි.බි ජයසුන්දර එම තනතුරේ සිටි කාලය තුළ මුහුණ දුන් බාධා පිළිබඳ විස්තර ඇතුළත් බව පැවසේ.

ඔහු වෙනුවට වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ලේකම් ගාමිණී සෙනරත් හෝ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා පත්කිරීමට යෝජනා වී ඇතැයි වාර්තා වේ.