ව්‍යාජ ලෙස පි සි ආර් වාර්තා සකස් කර මුදලට අලෙවි කළ පුද්ගලයන් තිදෙනෙකු කොච්චිකඩේ පෝරතොට ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත
ව්‍යාජ ලෙස සකස් කරන ලද පි සි ආර් වාර්තා 17 ක්,පරිගණකයක් ,ජංගම දුරකථන 5 ක් පොලිසිය භාරයට ගෙන ඇත
අත්අඩංගුවට ගත් සැකකරුවන් විදේශගතවන පුද්ගලයන් සඳහා මෙම ව්‍යාජ PCR වාර්තා මුදලට අලෙවි කර ඇති බව පොලිසිය කියයි
සැකකරුවන් වයස අවුරුදු 21හා 37 අතර පසුවන කොච්චිකඩේ සහ රද්දොළුගම පදිංචිකරුවන් බවට හඳුනා ගෙන තිබේ .