මරණ දඬුවම නියමවූ බවට වාර්තා වූ පළවූ ගෘහ සේවිකාව ගැන නිවේදනයක්

December 24, 2021 at 8:02 AM

කුවේට් හි සිටින ශ්‍රී ලාංකිකයෙකු සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා පලවන වාර්තා අසත්‍ය බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
ක්‍රිෂ්ණන් සිරියානි චන්ද්‍රලතා නමැති කාන්තාවකට කුවෙට් රාජ්‍යයේදී මරණීය දණ්ඩනය ලබාදීමේ සූදානමක් ඇති බවටයි සමාජ මාධ්‍ය ජාලා තුළ සංසරණය වන වීඩියෝ පටයක දැක්වෙන්නේ.

ඒ පිළිබඳ කුවේට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉකුත් 21 වනදා කුවේට් පොලිස් බලධාරීන් වෙත පැමිණිල්ලක් යොමු කර තිබෙනවා. ඒ අනුව කුවේට් පොලීසියේ සහය ඇතිව තානාපති කාර්යාලයේ නිලධාරීන් විසින් අදාළ කාන්තාව සේවා ස්ථානයේ දී සොයා ගෙන, ඉකුත් 22 වනදා එම කාන්තාව තානාපති කාර්යාලය වෙත රැගෙනආ බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ.

සේවායෝජකයා විසින් ඇයගේ ශ්‍රී ලංකා ගමන ප්‍රමාද කරන බැවින්, නැවත මෙරටට පැමිණීමේ අරමුණින් අදාළ කාන්තාව තම දරුවන්ට අසත්‍ය තොරතුරු ලබා දී ඇති බව එහිදී අනාවරණ වී ඇති බවද විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළා.

එම කාන්තාවට නැවත ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා කුවේට් තානාපති කාර්යාලය මගින් පහසුකම් සලසන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් දැක්වෙන්නේ.