පියාගේ සහ බාප්පාගේ පහරදීමෙන් දියණිය ජිවිතක්ෂයට

December 22, 2021 at 12:55 PM

ගම්පොළ පොලිස් වසමේ මවුන්ටෙම්පල් ප්‍රදේශයේ දී 14 හැවිරිදි දැරියකට සිදුකළ පහරදීමක් හේතුවෙන් එම දැරිය මියගොස් තිබෙනවා.

ප්‍රේම සම්බන්ධතාවයක් හේතුකොටගෙන දැරියගේ බාප්පා විසින් ඊයේ එම පහරදීම සිදුකර ඇති බවයි සඳහන් කරන්නේ.

පසුව ඊයේ අලුයම් කාලයේදී එම දැරියට අසනීපවී කෙඳිරිගාමින් සිටියදී දැරියගේ පියා විසින් නිදාගැනීමට නොදෙන බව පවසමින් යළිත් දැරියට පහර දී තිබේ.

අනතුරුව දැරියව මව විසින් අසල නිවසකට කැඳවාගෙන ගොස් ඇති අතර එහිදී එම දැරිය සිහිසුන් වීම හේතුවෙන් ගම්පොළ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය පැවසුවේ.

එලෙස මිගොස් ඇත්තේ, 14 හැවිරිදි නිපුනි නුවන්තිකා බණ්ඩාර නැමති ගම්පොළ ප්‍රසිද්ධ බාලිකා පාසලක ඉගෙනුම ලැබූ සිසුවියකි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ පියා සහ බාප්පා අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.