කොළඹ හා තදාසන්න ප්‍රදේශවල උත්සව සමයේ විශේෂ ආරක්ෂාවක්

December 22, 2021 at 1:37 PM

නත්තල් සමය හා නව අවුරුදු උදාව සමග කොළඹ හා තදාසන්න ප්‍රදේශවල හැසිරෙන ජනතාවගේ ආරක්ෂාව තර කිරීමට පියවර ගන්නැ`යි මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර විසින් පොලිස්පති චන්දන වික්‍රමරත්න වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

මහජනතාව බහුලව ගැවසෙන ස්ථාන හා ප්‍රදේශ ආශ්‍රිතව  විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන ලෙසත්, ගැට කපන්නන්, අපරාධකරුවන් පිළිබඳව අවශ්‍ය කටයුතු කිරීමට සිවිල් ඇඳුමින් සැරසුනු පොලිස් නිලධාරීන් වැඩිපුර යෙදවීමටත් පියවර ගන්නා ලෙස දැනුම් දී ඇත.

තවද යතුරුපැදි සංචාර, පා මුර සංචාර ක්‍රියාත්මක කරන ලෙසත් අමාත්‍යවරයා විසින් පොලිස්පතිවරයාට දැනුම් දී ඇත