යාපනය, පේදුරුතුඩුව පුලෝලි ප්රදේශයේ පුද්ගලයෙකු සරුංගලයක් සමඟ අඩි 40 ක් පමණ උඩට ගිය පුද්ගලයක් වාර්තා වන ප්රදේශවාසින් පවසනවා.
ප්රදේශවාසින් පැවසූවේ විශාල සරුංගලයක් උඩ යැවීමට පිරිසක් උත්සහ කිරීමේදී අදාළ අහඹු සිදුවීම සිදුව ඇති බවයි.
සරුංගලය ඉහළ යැවීමේදී අදාළ පුද්ගලයා සරුංගලයේ ලණුව අතහැර නොමැති අවස්ථාවේ එලෙස ඉහළ ගොස් ඇති බවත් අනතුරුව සංරුංගලය පහත්වීමේදී පොළොවේ සිට අඩි 15 ක පමණ උසකින් ඔහු බිමට පැන ඇති බවයි ප්රදේශවාසීන් පැවසුවේ.
සරුංගලයේ ලණුව අතහැර අදාළ පුද්ගලයා බිමට වැටුණ අවස්ථාවේ සුළු තුවාලවීම් සිදුව ඇති අතර, ඔහුගේ තත්වය බරපතල නොවන බවයි වාර්තා වන්නේ.
සිදුවීම සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලිසියෙන් සිදුකළ විමසීමකදි පොලිසියද පැවසූවේ එවැනි අහඹු සිදුවීමක් සිදුව ඇති බවයි.