ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් අවම බස් ගාස්තුව ඉහළ නැංවිය යුතු බව බස් සංගම් ප්‍රකාශ කරනවා. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 25ක් විය යුතු බවයි.
මේ අතර ඊයේ දිනයේදී මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කලේ ලබන ජනවාරි මස 1 වැනිදා සිට බස් කාඩ්පත අනිවාර්යය කිරීම සඳහා සහ කොන්දොස්තරවරයා රහිතව හෝ සහිතව මගී බස් රථ ධාවනය කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීමට මෝටර් රථ ආඥා පනත සංශෝධනය කරන ලෙස මෝටර් රථ දෙපාර්තමේන්තුව ප්‍රවාහන අමාත්‍යාංශයට ලිඛිතව දන්වා ඇති බවයි.
බස් රථ ධාවනයේ පිරිවැය තුන් ගුණයකින් වැඩි වීම නිසා ජනවාරි මාසේ වන විට බස් රථ ධාවනය සියයට 25 ක් දක්වා අඩු වන බවයි ඔහු සඳහන් කළේ.
මේ අතර සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් කියා සිටියේ බස් ගාස්තු 20%කින් ඉහළ නැංවිය යුතු බවට යෝජනා කර සිටිනවා.