අද (20) උදෑසන 8 සිට පැය 24ක කාලයක් දිවයිනේ දිස්ත්‍රික්ක 05ක සියලුම රෝහල් හා සෞඛ්‍ය වෛද්‍ය ආයතනවල එක්දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
පශ්චාත් සීමාවාසික පත්වීම් ලබාදීමේ දී සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළකරමින් මන්නාරම, ත්‍රිකුණාමලය, රත්නපුර, නුවරඑළිය සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල එම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ.
පශ්චාත් සීමාවාසික පත්වීම් ලැබීම සඳහා සුදුසුකම් ලැබූ වෛද්‍ය කණ්ඩායම් 02 ක වෛද්‍යවරුන් 1500 ක් පමණ මේවනවිට පත්වීම් ලබා ගැනීමට නියමිතව තිබෙනවා. එම වෛද්‍යවරුන් දුෂ්කර ප්‍රදේශ, පර්යන්ත, රෝහල් සහ කොවිඩ් ඇතුළු විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත නිවැරදිව අනියුක්ත කිරීම තුලින් එම රෝහල්වල පවතින වෛද්‍යවරුන්ගේ හිගයට විසඳුම් ලැබෙන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ.