විදුලි සෝපානය කඩා වැටී කාන්තාවක් ජිවිතක්ෂයට

December 19, 2021 at 5:42 PM

පිළිමතලාව නගරයේ ප්ලාස්ටික් කර්මාන්ත ශාලාවක විදුලි සෝපානයක් කඩා වැටී 26 හැවිරිදි කාන්තාවක් මියගොස් තවත් කාන්තාවක් තුවාල ලබා තිබෙනවා.

අනතුරින් මිය ගොස් ඇත්තේ බලන ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් බවයි පොලීසිය පැවසුවේ.

එම අනතුරින් තුවාල ලැබූ තවත් කාන්තාවක් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවෙනවා.

පොලිතින් බෑග් හා සහල් උර නිෂ්පාදනය කරන මෙම කාර්මාන්ත ශාලාව මහල් 3කින් සමන්විත වන අතර භාණ්ඩ රැගෙන යන විදුලි සෝපානයක් තුන්වන මහලේ සිට භාණ්ඩ පටවමින් සිටියදී පහළට කඩා වැඩි මෙම අනතුර සිදුව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කඩුගන්නාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.