පදියතලාව ප්‍රදේශයේදී බසයක් ප්‍රපාතයට පෙරළෙයි

December 19, 2021 at 10:15 AM

පදියතලාව, ගල්ඔඩේ පාලම අසදී මගීන් පිරිසක් රැගත් බස් රථයක් පෙරළීමෙන් පුද්ගලයින් 17දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පොලීසිය ප්‍රකාශ කළේ කිලිනොච්යේ සිට කතරගම දක්වා ධාවනය වූ පෞද්ගලික බස්රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.

රියදුරුට බස් රථය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් අනතුර සිදුව ඇත.

තුවාල ලැබූ පුද්ගලයින් මහඔය රෝහලට ඇතුළත් කර තිබෙන අතර අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කර සිටියේ.