යාපනය ඩෙල්ෆ්ට් දූපතට ගිණිකොන දෙසින් වු ශ්‍රි ලංකාවට අයත් මුහුදු තීරයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙරට මුහුදු සීමාව තුලට ඇතුළුවී අනවසර ධීවර කටයුතු සිදුකරමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 06ක් සමඟ ඉන්දීය ජාතික ධීවරයින් 43 දෙනෙකු ඊයේ රාත්‍රියේ නාවික හමුදා විසින් සිය භාරයට ගෙන තිබෙනවා.
විදෙස් ධීවරයින් විසින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරන ධීවර කටයුතු හේතුවෙන් දේශීය ධීවර ප්‍රජාවට සිදු වන බලපෑම සැළකිල්ලට ගනිමින් සහ මෙරට මත්ස්‍ය සම්පත රැක ගැනීමේ අරමුණින්, විදේශිය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව තුළ සිදු කරන නීති විරෝධී හා අනවසර ධීවර කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබනවා/
ඒ අනුව, උතුරු නාවික විධානයට අනුයුක්ත හතරවන වේග ප්‍රහාරක යාත්‍රා බලගණයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන් යොදවා ඩෙල්ෆ්ට් දූපතට ගිණිකොන දෙසින් වු ශ්‍රි ලංකාවට අයත් මුහුදු තීරයේ සිදුකළ මෙම විශේෂ මෙහෙයුම මඟින් මෙරට මුහුදු සීමාව තුල නීති විරෝධී ධීවර කටයුතු සිදුකරමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 06ක් සහ එහි සිටි ඉන්දීය ජාතික ධීවරයින් 43 දෙනෙකු මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලදී.
කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් සිදු කළ මෙම විශේෂ මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවරයින් ක්ෂණික ප්‍රතිදේහ පරීක්‍ෂණ සඳහා යොමු කිරීමෙන් පසු ඉදිරි නීතිමය කටයුතු සඳහා අදාල අංශ වෙත යොමු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවයි නාවික හමුදාව සඳහන් කරන්නේ.