ලිට්‍රෝ සමාගමෙන් නිවේදනයක්

December 18, 2021 at 11:36 AM

මෙරටට ගෙන්වන ලද එක් ගෑස් නෞකාවක අඩංගු එල්.පී.ගෑස් සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියේ සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනුමැතිය හිමිවීමත් සමඟ අද සිට ලිට්රෝ ගෑස් බෙදාහැරීමේ කටයුතු යළි ආරම්භ කරන බව එම සමාගම ප්‍රකාශ කළා.

එමඟින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, තවත් ගෑස් නෞකා දෙකක් කෙරවලපිටිය ලිට්රෝ ගෑස් පර්යන්තය ආසන්නයේ නතර කර ඇති අතර, එහි අඩංගු ගෑස් සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියේ සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනුමැතිය අපේක්ෂාවෙන් පසුවන බවයි.