නිවෙස්ගත කොවිඩ් ප්‍රතිකාර වැඩසටහනට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මෙරටට සම්මානයක්.

December 18, 2021 at 2:36 PM

නිවෙස්ගත කොවිඩ් ප්‍රතිකාර වැඩසටහන අතිශයින් සාර්ථක බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඔහු පවසන්නේ එය ලෝක සෞඛ්‍ය සංවිධානය මගින්ද ඇගයීම ට ලක්කර ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් මෙරටට සම්මානයක් ලබාදීමටද ඔවුන් තීරණය කර ඇති බව අමාත්‍යවරයා පැවසීය.

මෙරට නිවෙස්ගත කොවිඩ් ප්‍රතිකාර වැඩසටහන යටතේ 114000ක් ප්‍රතිකාර ලද අතර ඉන් අහිමි වී ඇත්තේ එක් ජීවිතයක් පමණයි.

රෝහල් වලට යැවීමට සිදුව තිබුණේ 1400ක් පමණයි.”

මෙහිදී අමාත්‍යවරයා බූස්ටර් එන්නත ලබාදීම අතින් ලංකාව ලොව සිව් වන ස්ථානයට පැමිණ ඇති බවත් සඳහන් කළේය.