අද රාත්‍රී 11 සිට හෙට උදෑසන 08 දක්වා පැය 09ක කාලයක් කොළඹ අවට ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
එලෙස ජල සැපයුම අත්හිටුවනු ලබන්නේ කොළඹ 09, 10, 11, 12, 13 සහ 14 යන ප්රදේශවලටයි. මහ කොළඹ ජල සහ අපජල කළමනාකරණ වැඩි දියුණු කිරීමේ ආයෝජන ව්‍යාපෘතිය මගින් සිදු කරන පැරණි බෙදා හැරීමේ පද්ධතිය විසන්ධි කිරීමේ කටයුතු හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ.
මේ හේතුවෙන් අවශ්‍ය ජලය කල්තබා රැස්කර ගන්නා ලෙස එම මණ්ඩලය අදාල ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.