ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2021 වර්ෂයේ තුන්වන කාර්තුවේ දී සෘණ වර්ධනයක් වාර්තා කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.
එම කාලය තුළ දී මෙරට ආර්ථික වර්ධන වේගය සඳහන් වුයේ ඍණ සියයට 1.5ක් ලෙසයි.
තවද 2021 තෙවන කාර්තුව සඳහා ස්ථාවර මිල ගණන් යටතේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 2,497,489 දක්වා පහළ ගොස් ඇති බවද එහි සඳහන් වනවා.
මේ අතර ආර්ථිකයේ ප්‍රධාන සංරචක ත්‍රිත්වය වන කෘෂිකර්ම, කර්මාන්ත සහ සේවා පවත්නා මිල යටතේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට දක්වනු ලබන දායකත්වයන් පිළිවෙලින් 8.7%ක්, 29.9%ක් හා 57.4%ක් ලෙස දැක්වෙන්නේ.
එමෙන්ම භාණ්ඩ මත අය කෙරෙන සහනාධාර අඩු කළ බදු සංරචකය 2021 වර්ෂයේ තෙවන කාර්තුවේ දී දළ දේශීය නිෂ්පාදිතයට 4.1%ක දායකත්වයක් ලබාදී ඇති අතර 2021 වර්ෂයේ තෙවන කාර්තුවේ දී සමස්ත කෘෂිකර්මික ආර්ථික කටයුතු 1.7%ක සුළු ධන වර්ධනයක් වාර්තා කර ඇත.