පකිස්ථානයේ දී ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර ගේ පවුලේ අයට පරිත්‍යාගයක්.

December 15, 2021 at 4:27 PM

පකිස්ථානයේ සියල්කොත් හිදී ඝාතනය ට ලක්වූ ප්‍රියන්ත කුමාර මහතාගේ මාසික වැටුප සෑම මසකම පස් වැනිදාට පෙර ලබාදීමට අඅදාළ සමාගම එකඟ වූ බව අමාත්‍ය ජී එල් පීරිස් මහතා පැවසීය.

ඒ ප්‍රියන්ත කුමාර මහතාගේ  බිරිඳ සහ දරුවන් වෙනුවෙන් අද විදේශ අමාත්‍යංශයේ දී පරිත්‍යාගයක් සිදුකළ අවස්තාවේදීයි.

ඔහුගේ දේහය මෙරටට ගෙන ඒමේ වියදම හා අවමංගල කටයුතු වෙනුවෙන් මල් ශාලා වේ වියදම අමාත්‍යංශය මගින් ගෙවීමට සූදානම් වුවත් අදාල ආයතන එම බිල්පත් ඉදිරිපත් නොකරමින්පවසා ඇත්තේ එය නොමිලේ සිදුකරන බවයි.

ඒ අනුව එම ඇස්තමේන්තු ගත වියදම් මුදල එම පවුලේ අයට අමාත්‍යවරයා අතින් පිරිනැමිණ.

මෙහිදී අමාත්‍යවරයා සඳහන් කලේ විදේශසේවා නියුක්ති කාර්‍යංශ අරමුදලින් රුපියල් ලක්ශ 25ක පරිත්‍යාගයක් ද නුදුරේදී එම පවුලේ අයට ලබා දෙන බවයි.