“දුම්බර රටාවන්ට” හිමිවූ වටිනාකම

December 15, 2021 at 7:45 AM

මෙරට දුම්බර රටා යුනෙස්කෝ සංවිධානය විසින් සංස්කෘතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම හස්ථ කර්මාන්තය බහුල වශයෙන් සිදුකරනු ලබන්නේ මහනුවර දිස්ත්‍රික්කයේයි.

කලාල, අත්කම් සහ කලා නිර්මාණ දුම්බර රටා යටතට අයත් වන බැවින් දුම්බර රටා සංස්කෘතික උරුමයක් ලෙස නම් කිරීමට යුනේස්කෝ සංවිධානය විසින් යෝජනා කර තිබුණා.

එහි ප්‍රතිඵලයක් ලෙස දුම්බර රටා යුනෙස්කෝ සංස්කෘතික උරුමක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන සඳහන් කලේ.