ජනපති යලි දිවයිනට පැමිණෙයි

December 15, 2021 at 12:44 PM

පෞද්ගලික සංචාරයක් සඳහා සිංගප්පූරුව බලා ගොස් සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත දිවයිනට පැමිණ තිබෙනවා.

ජනාධිපතිතුමා ඇතුළු පිරිස ඊයේ දින මධ්‍යම රාත්‍රී 11.45 ට සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

ජනාධිපතිතුමා ඇතුළු 05 දෙනෙකුගෙන් යුත් පිරිසක් මෙම සංචාරය සඳහා එක්ව සිටිය අතර එම පිරිස පෙරේදා (13) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් සිංගප්පුරුව බලා පිටත්ව ගියා.