විදුලි කප්පාදුව ගැන නවතම නිවේදනය

December 14, 2021 at 12:51 PM

අද සිට දිවයිනේ කිසිදු ප්‍රදේශයක විදුලි කප්පාදුවක් සිදු නො කරන බව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කර සිටිනවා. මේ වනවිට නොරොච්චෝලේ බලාගාරයේ අක්‍රියව පැවති ජනන යන්ත්‍රය යථා තත්ත්වයට පත්කරමින් පවතින බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

නොරොච්චෝලේ බලාගාරය යථා තත්ත්වයට පත්වන තුරු දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට සවස 6ත් රාත්‍රී 9යි 30ත් අතර මිනිත්තු 30ක කාලයක් විදුලි සැපයුම අත්හිටුවීමටයි විදුලිබල මණ්ඩලය මීට පෙර කටයුතු කළේ.

මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තිය සමිති කිහිපයක සාමාජිකයන් අද ලෙඩ නිවාඩු වාර්තා කිරීමට තීරණය කර තිබෙනවා.

එසේම ඔවුන් අද විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට ද නියමිතයි.