කාන්තාවන් දෙදෙනෙකු සොයා සිංහරාජයේ මෙහෙයුමක්

December 14, 2021 at 9:45 AM

සූරියකන්ද පොලිස් වසමේ සිංහරාජ වනයේ අලුත් ඉල්ලම ප්‍රදේශයේ එනසාල් කැඩීමට ගිය කාන්තාවන් දෙදෙනෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසනවා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 39 හා 40 යන වයස්වල පසුවන දෙබරන් සයිඩ්ඉත්තකන්ද ප්‍රදේශයේ පදිංචිකාරිනියන් දෙදෙනෙක් බවයි පොලිසිය පැවසුවේ.

පොලීසිය, යුද හමුදාව හා විශේෂ කාර්ය බලකාය එක්ව අතුරුදන් කාන්තාවන් සෙවීමේ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබේ.