සියලුම ගිලන් රථවලට හිමිවූ සහනය

December 13, 2021 at 4:14 PM

අධිවේගී මාර්ගවල ගමන් කරන සියලුම ගිලන්රථ මාර්ග ගාස්තුවෙන් නිදහස් කර ඇති බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කර සිටියා.

ඒ අනුව රජයේ මෙන්ම පෞද්ගලික රෝහල්වලට අනුබද්ධිත ගිලන්රථ ද මෙලෙස අධිවේගී මාර්ග ගාස්තුවෙන් නිදහස් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මීට පෙර ගිලන්රථවලින් අධිවේගී මාර්ග ගාස්තු අය කළ අතර කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය මැයි මස 20 වන දින සිට ගිලන්රථ තාවකාලිකව අධිවේගී මාර්ග ගාස්තුවෙන් නිදහස් කර තිබුණා