කැලණි ගඟ මෙරට දූෂිතම ගංගාව බව හෙළිවේ

December 10, 2021 at 10:06 AM

මෙරට ප්‍රධාන ගංගා ඇතුළු ජලමාර්ග 103කින් දූෂිතම ජලය ඇත්තේ කැළනි ගංගාවේ බව හෙලිවී තිබේ.

එම ගංගාව ස්ථාන 1344කින් මුදා හැරෙන අපද්‍රව්‍ය වලින් දූෂනය වන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

මෙරට ජල මාර්ග 103ම ස්ථාන 10,743 කින් අපද්‍රව්‍ය මුදාහැරීම මගින් දූෂණය වන බවද හෙලිකරගෙන තිබේ.

කොළඹ නගරය ඇතුලු නාගරික ප්‍රදේශයේ ජල අවශ්‍යතාවෙන් 80%කට වඩා සපුරාලනු ලබන්නේ ද කැළණි ගඟේ ජලයෙනි.