වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ පත් කර ඇති බව වාර්තා වනවා.
සිව් වැනි ඊලාම් යුද්ධයේ දී ශ්‍රී ලංකා නාවික හමුදාවට නායකත්වය දුන් අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ පසුගිය රාජපක්ෂ රජය සමයේ ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් ධුරය ද දැරුවා.
අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ කොළඹ ආනන්ද විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙක්.