ඉන්ටර්පෝල් සංවිධානයට අවශ්‍යව සිටි බ්‍රසීල ජාතිකයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වාර්තාවන්ට අනුව 23 හැවිරිදි සැකකාරියට INTERPOL සංවිධානය විසින් රතු නිවේදනයක් නිකුත් කර ඇත.
ඇය මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වීම හේතුවෙන් INTERPOL සංවිධානය විසින් මෙම රතු නිවේදනය නිකුත් කර ඇත.
මෙම සැකකාරිය තායිලන්තයේ සිට මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ.
අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් ඇය මෙරටින් පිටුවහල් කිරීමට නියමිත බව සඳහන්.