කොවිඩ් 19 රෝගය වැළැක්වීම සඳහා වන එන්නත් දෙකම ලබා ගැනීම අනිවාර්ය කරන නව නීති කඩිනමින් ගෙන එන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
මහනුවර දී මාධ්‍ය වෙත තවදුරටත් අදහස් පළ කළ සෞඛ්ය අමාත්‍යවරයා පැවසුවේ කොවිඩ් රෝගය වැළැක්වීම සඳහා රජය ලබාදෙන එන්නත් දෙකම සෑම පුරවැසියෙක්ම අනිවාර්යයෙන්ම ලබාගත යුතු බවය.
සෞඛ්‍ය හා අදාළ සියලු අංශ එක්ව 09 වෙනිදා පස්වරුවේ මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවත්වීමටද නියමිත වේ.
” මෙහිදී අපි ඔමික්රෝන් වෛරසය සම්බන්ධයෙන් ගතයුතු සියලු ක්රියාමාර්ග පිළිබඳව දිගින් දිගටම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. සංචාරක කර්මාන්තය, ගුවන්තොටුපල ඇතුළු අදාල අනෙකුත් අංශ පිළිබඳව ඉදිරි තීන්දු තීරණ ගන්නවා. මේ කෙසේ වෙතත් රට විවෘතව තබා ගැනීම තමයි අපේ එකම බලාපොරොත්තුව.”
” මේ වන විට යම් කිසි ගැටලුවක් තිබෙනවා කාන්තාවක් ඔමික්රෝන් වෛරසය සහිතව ලංකාවට ඒම. ඇය කිසිදු එන්නතක් ලබා නොගත් අයෙක් බවට වාර්තා වෙනවා. මේක ගැටලුකාරී තත්ත්වයක්.ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකර ඒඅවශ්‍ය කටයුතු තීන්දු තීරණ ගත යුතුයි. යම් අඩුපාඩුවක් වෙලා තිබෙනවා නම් ඒ සම්බන්ධයෙන් සොයා සොයා බලා අවශ්ය ක්‍රියා මාර්ග ගත යුතුයි.
“කෙසේ වුවත් කොවිඩ් 19 රෝගය වැළැක්වීම සඳහා වන එන්නත් දෙක ලබා ගැනීම අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් නව නීති මේ වන විට සැකසෙමින් පවතිනවා. “