වයඹ පළාතේ ආණ්ඩුකාර ධූරය හෙබවූයේ මෙරට කොමියුනිස්ට් දේශපාලනයේ පරිනත පතාක යෝධයකු වූ රාජා කොල්ලුරේ මහතා අද දිවිගමනට සමුදුන්නා. ඒ, කොවිඩ්-19 වැළදීම හේතුවෙන්.
රාජා කොල්ලුරේ මහතා ගේ වියෝවත් සමග වයඹ පළාත පුරා ප්‍රාදේශීය සභා නගර සභා ආදියෙහි සිය ආණ්ඩුකාරවරයාගේ වියෝව සම්බන්ධයෙන් පළ කරන දැන්වීම් ප්‍රදර්ශනයට පියවර ගැණුනා.
මේ වාරියපොල ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා, ලේකම්වරයා සහ මන්ත්‍රි මණ්ඩලය එක්ව රාජා කොල්ලුරේ මහතාගේ වියෝව සම්බන්ධයෙන් ප්‍රදර්ශනය කර තිබු දැන්වීමයි.
මෙහි විශ්මයට කරුණ වන්නේ මෙම ප්‍රාදේශීය සභාවේ එකදු සාමාජිකයෙකු හෝ සිය බල ප්‍රදේශයට අයත් ආණ්ඩුකාරවරයාගේ රුව කෙසේ වෙතත් ඡායාරූපය වත් දැක නොමැති ද යන්නයි.
මෙම දැන්වීමේ රාජා කොල්ලුරේ ගේ ඡායාරූපය වෙනුවට ඔවුන් ප්‍රදර්ශනය කර ඇත්තේ වයඹ පළාතේ හිටපු ආණ්ඩුකාරවරයෙකු මෙන්ම හිටපු කොළඹ පුරපති වරයකුද වන මොහොමඩ් මුසාමිල් ගේ ඡායාරූපයයි.