ගෑස් සිලින්ඩර සඳහා අද සිට නව පොලිතින් මුද්‍රාවක්

December 6, 2021 at 2:10 PM

ලිට්‍රො ගෑස් සමාගම පාරිභෝගික කටයුතු අධිකාරියේ මාර්ගෝපදේශයන්ට යටත්ව වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව නව සිලින්ඩර තොග සුදු පැහැති පසුබිමක රතු වර්ණයෙන් යුත් ලිට්‍රො ගෑස් සමාගමේ ලාංඡනය සහිත පොලිතීන් මුද්‍රාවකින් යුක්ත වේ.

මේ අතර ලාෆ් සමාගම ද සිය ගෑස් සිලින්ඩරය සඳහා නිල් සහ කහ වර්ණයන් ද යොදා ඇති පොලිතින් මුද්‍රාවකින් යුක්ත වේ.

මේ අතර අද සිට ගෑස් සමාගම් විසින් වෙළෙදපොලට නව ගෑස් සිලින්ඩර් නිකුත් කිරීම සිදුකරනු ලැබේ.