පහර දීමේ උත්සහයක් නිසා සජබ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් පිටව යයි (VIDEO)

December 4, 2021 at 3:10 PM

පාර්ලිමේන්තුවේ ඊයේ පැවති විවාදයේ කාලය සම්බන්දයෙන් ඇතිවූ උණුසුම්කාරී තත්ත්වය සම්බන්දයෙන් අද දිනයේදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අදහස් පළ කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් හට ගැනුණා.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කර සිටියේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන තුරු පාර්ලිමේන්තු සැසිවාරයට නොපැමිණෙන බවයි.

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර ඊයේ සහ අද පාර්ලිමේන්තුවේදී කළ කතාවලින් අනතුරුව ඔහුට පහරදීමට උත්සාහ දෙකක් සිදු වූ බව කිරිඇල්ල මන්ත්‍රීවරයා පැවසුවේ.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විපක්ෂයේ අසුන් දෙසට පැමිණ මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයාට පහරදීමට උත්සාහ කරන බවට කිරිඇල්ල මන්ත්‍රීවරයා චෝදනා කළා.