අංශ දෙකකට ගෑස් නිකුත් කරන්න අවසර

December 4, 2021 at 1:58 PM

කර්මාන්තශාලා සහ ආදාහනාගාර සඳහා ගෑස් නිකුත් කිරීමට අවසර ලබාදුන් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. ඒ අනුව ලිට්‍රෝ සහ ලාෆ් සමාගම් දෙක මඟින් අදාළ සේවාවන් සපයන ආයතන වෙත ගෑස් සැපයීම සිදු කරනු ඇති බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරන්නේ.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තාවූ ගෑස් අනතුරු හේතුවෙන් ගෑස් බෙදාහැරීම අත්හිටුවන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අදාළ සමාගම් වෙත දැනුම්දුන්නේ ඊයේ දිනයේදීයි.