ජනපති අද අබුඩාබි බලා පිටත්ව වෙයි

December 3, 2021 at 7:49 AM

05 වන ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

මෙවර ඉන්දීය සාගර සමුළුව අද සිට සිට 05 වනදා දක්වා අබුඩාබි හිදී පැවැත්වීමට නියමිතව ඇත.

”පරිසරය, ආර්ථිකය, වසංගතය”මෙවර සමුළුවේ තේමාව වන අතර දේශගුණික විපර්යාස වල වර්ධනයත් සමඟ එම තර්ජනයන්ට මුහුණ දිය යුත්තේ කෙසේද යන්න පිළිබඳව මෙම සමුළුවේ දී සාකච්ඡාවට ලක්වනු ඇත.

හිටපු අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා ද මෙවර සමුළුව සදහා සහභාගී වීමට නියමිතයි.